Search This Blog

Tuesday, October 22, 2013

ඇනස්තීසියෝලොජි

ඇනස්තීසියෝලොජි  හතරවෙනි අව්රුද්දෙ අන්තිම වගේම පොඩිම appointment එක .විභාගෙත් ඉවරවෙලා හවස lecturesuth නැති නිසා සතුටින් සැහැල්ලුවෙන් ගෙවිල ගියා . කවදාවත් නැතුව මට මේ පර රාගම යනකොට බෑ කියලා හිතුනෙත් නෑ ,ඒ  දවස් දෙකෙන් ගෙදර ඉදලා කම්මැලි හිතුන නිසා වෙන්න ඇති .ඉතින් මාසෙකට විතර පස්සේ අලුත් appointment එකට හැමෝම උදෙන්ම ඇවිත් main theater එක ළඟ .

 අපේ කණ්ඩායමේ  හත් දෙනයි . බට්ටා  නොහොත්  රුවන් , බින්දු /බණ්ඩාරේ  නොහොත්  අයේෂ් , කොනා /කොමා /කොමසාරිස් නොහොත් සමිත් ,කුමි/buzz නොහොත් කුමරිනි ,BMI  17.5 ට  අඩු නිසා  චූටි  දිලිනි වූ දිලිනි , චලා නොහොත් අචලා සහ මම.(මෙය ලියන්නේ මම නිසා මගේ සුරතල් නාමය නොලිවීමට අයිතිය ඇත්තේය .) හැමෝගෙම මූණු සතුටින් පිරිලා , ආගිය තොරතුරැ කතාව පටන් ගත්තා .

 බොහොමයක් ඉතින් විභාගේ විස්තර  තමා . එක්කෙනෙක් unit  එක fail වෙයි කියලා බය වෙනකොට තව එක්කෙනෙක් A එකක් වත් එන්නේ නෑ  කියලා දිව්රනවා , එත් බහුතරය බය උනේ commed  එකට . ඊට පස්සේ trip  එකක් යන්න යෝජනා පටන් ගත්තා , මුලින්ම  මැටිහක්ක මාතලේ හරහා reverstern යන්න , ඊට පස්සේ කුරුණෑගලින් දවලට කළා ඇතගාල නගින්න .ඊටත් පස්සේ අයෙත් අපේ ගෙදරින් කිරිබත් කාලා අම්බුළුවාව නගින්න . ඊට‍ පස්සේ monitor කවුද කියලා ප්‍රශ්නේ මතුඋනා .ice ම appointment කලේ මම නිසා monitor මම වෙන්න ඕනේ කියලා බණ්ඩාර කිව්වත් , අන්තිමේදී අපේ කොනා අපිට හොදා කියලා කොනා monitor කරන්න හැමෝම ඒකමතිකව තීරණය කරගත්තා .(මීට අවුරුදු හතරම රෙපා වීමේ කොනාගේ රාජ යෝගය බලපෑ බවද සඳහන් කරනු කැමැත්තෙමි .)

ඔහොම ඉතින්  කතා ටික කියද්දී ඉබේටම 8ට  ලඟ  නිසා theater  එක ඇතුලට යන්න  අදාල  ඇදුම් ඇදගෙන කට්ටියම ලෑස්ති උනා . ඒ  අතරේ අපි cap දානකොට කවදත් සැර  N  එකෙන් පටන් ගන්න නමක් තියන ගුරුතුමා ඇවිත් , theater එකේ කොරිඩෝව අවහිර කිරීමේ වරදට අසු කර දෝෂාරෝපණය කිරීමෙන් කට්ටියම panic  attack එකකට  ලක්වුණා . එකෙන්  upset  වෙච්චි  කට්ටිය  හෙමින් සීරුවේ theater එක ඇතුලට ගියා .
 අපිට අදාළ තැනට ගියාම , anesthesiology introduction class  එක තිබ්බා .anesthesia machine  එකත් ඉගන ගත්තා . suxamethonium, Ach ව්‍යුහ  වගේම  භාගික  අසවනයෙන් ඊට  අවශ්‍ය  වායු ලබා ගන්නා බවත් කියවුණු  ඒ පන්තිය පැය  2ක්  විතර  තිබ්බා . කට්ටියගේ  concentration  එක  ක්‍රමයෙන්  අඩුවෙද්දී  මැඩම් ඇවිත් අදාල  procedures  පටන්  ගන්න උපදෙස්  දෙනකොට කට්ටියම  සැහැල්ලු හුස්මක් එකටම පිට කළා.
 හැමෝම cannula  5ක් දාන්න , IV drips  5ක් හදන්න , airway  manage කරන්න වගේ වැඩ නියම වෙලා තිබ්බා . ඉතින් පළවෙනියටම අපේ කොනා සාර්ථකව cannula  එකක් දැම්මා . පිලිවෙලින්  චලා , මම  කුමි සහ හැමෝම සාර්ථකව cannula දාන්න  ඉගනගත්තා . සාර්ථක  iv  drips  හදන්නත්  iv antiboitic හදන්නත්  හැමෝටම පුළුවන් උනා . drip  එක ඇඟේ  ගිය , antibiotic එලියට ගිය , බෝතල් බිම වැටුණු  පොඩි පොඩි වැරදි උනත් කට්ටියම සාර්ථක උනා කියලා කියන්න පුළුවන් .දෙවෙනි දවසේ airway  manage කරලා  කට්ටියම උරහිස් පොඩ්ඩක් රිදෙනවා කියලා කිව්වා . එත් සතුටෙන්  මැඩම්ගේ  පන්තියට  සහභාගී උනා , ඇත්තටම  මැඩම්ගේ  class  කට්ටියටම  අල්ලලා ගියා.

ඔහොම ඉතින් දවස් ටික හෙමින් හෙමින් ගෙවිලා  යනකොට සමනල සන්ධවනිය නරඹපු මතකයත් වගේම , ඝන පූර්ණය සම්පූර්ණ කිරීම වස් අපි සහභාගී වුනු R  සර් ලගේ පන්තිත් එකතු උනා . විවේක වේලාවකදී  කොනාගේ c + එකක් දෙන රස කථා , බණ්ඩාර dermatologist  කෙනෙක් වෙන කතා ,චූටි දිලිනිගේ පූසන්ගේ විස්තර වගේම , අනාගතේ දවසක තනියම මම විසින් මෙහෙයවන වෛද්‍ය සාකච්ඡ ගැනත් කතා උනා . පස්වෙනි දවසේ  අපි පුදුම කරමින් ,පලවෙනි වතාවට consultant  කෙනෙක්ගෙන් අපිට party  එකක් ලැබුනා . ඒ අපේ මැඩම්ගේ 35 වෙනි උපන්දිනය වෙනුවෙන් . රස කේක්  කාපු  කට්ටියටම සතුටුයි . ඉතින් හෙමින්ම දවස් 6ම  ගෙවිලා ගියා 4th  yr  එකම ඉවර කරමින් , සතුටුයි වගේම දුකයි . හ්ම්ම්ම්  දැන් ඇති අපේ මැඩම්ට සුභ උපන්දිනයක් වේවායි  පතමින් මම නිහඩ වෙමි . අසා  සිටි ඔබ සැමට ස්තුති , අපේ කණඩායමට  ජය වේවා !!!

No comments:

Post a Comment