Search This Blog

Tuesday, November 19, 2013

ලොකු අයගේ කතා 2(Adults only part 2)

දෙයක් දෙනකොට , ඉල්ලුමට අනුව සැපයුම කියනවලු .ඉතින් ලොකු අයගේ කතා 1 කොටස ලිව්වට පස්සේ , දවසක් තුල වැඩිම page views, එක මොහොතක වැඩිම page views ගානත් වාර්තා වුන නිසා , අදත් ඒ වගේම පොඩි ලොකු අයගේ කතා ටිකක් කියන්න මම හිතුවා . 

අහ් පළවෙනි කොටස කියවලා , ගොඩක් දෙනෙක් ,ලස්සනනයි , good old days , තව ලියන්න වගේ දේවල් කියලා මාව දිරිමත් කළා . හැබැයි ඒ අතරේ කීප දෙනෙක් ,මොනවද ඔය ලියන කතා කියලත් කිව්වා  .. 

ස්වර්ණ පුස්තක සම්මානේ ලැබුන පොතක් වන පොදු පුරුෂයාටත්(2009) , හොඳ ගොඩක් මැද , එක්තරා සංවිධානාත්මක කල්ලියකින් මඩ ප්‍රහාර එල්ල උනා කියල ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක  මහත්මිය කියලා තියනවා දැක්කා මම පත්තරේ . ''ලියනකොට ගල් , මුල් දෙකම ලැබෙනවා ,මම නිදහස් රචකයෙක් , මම ලියන්නේ හැමදේම බලාපොරොත්තුවෙන් , හැමෝටම ස්තුතියි ''කියලා ඇය කියලා තිබ්බා , මාත් ඒ දේම කියන්නේ හිතේ අමනාපෙන් නම් නෙවයි ...

ඒ සියලු දෙනාටම ලඟදි දවසක, CNN එකට  වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහත්තයා කියපු දේත් මතක් කරලා දෙන්න කැමතියි මම ,එතුමාගේ අංග චලනයත් සමඟම  . Sri Lanka is a country with vibrant democracy.. In a country with a vibrant democracy we encourage divergent opinions,, I think  you should respect that !!!

ලොකු කතා 3.. ඇඟ = BODY  or ???

මේ සිද්ධිය උනේ මෙඩිසින් 1 මීගමුවෙදි  කරන කාලේ, අපේ එක්තරා විසාකාවකට .. රෝගීන් යම් යම් සිරුරේ කොටස් වලට සැබෑ වචන වලට වඩා වෙනස් වචනත් භාවිතා කරන බව දැනගෙන නොසිටීම නිසා වෙච්චි ඇබැද්දියක් !!

ඔන්න මේ විසාකාවට history එක ගන්න , යම් බෙහෙතක් අසාත්මික වීම නිසා රෝහල් ගත කෙරුණු අවුරුදු 18 පමණ වන තරුණ පුරුෂ රෝගියෙක් භාර උනා ..

ඉතින් මේ විසාකාවත් allergy ගැන ලස්සන හිස්ට්‍රියක් ගන්න හිතාගෙන , මේ තරුණ රෝගියා හොයා ගෙන ගියා..

ගිහිල්ලා , 3 වෙනි වසර වෛද්‍ය සිසුවෙක් , මම ඉගන ගන්න කෙනෙක් , මට අසනීප තත්වේ ගැන විස්තර ටිකක් දන ගන්න පුලුවන්ද ?? කියලා අවසර එහෙමත් අරගෙන .. ඔන්න කතාව පටන් ගත්තා ලෙඩත් එක්ක ..
 ඉතින් මේ තරුණ ලෙඩත් , එච්චර අමාරුවක් තිබ්බ නැති නිසා , ''හා හා මිස් '' ඕනේ දෙයක් අහන්න කියලා ''
පෙරලා සතුටු සිතින් උත්තර දුන්නා  ..

(පොඩි කොලු ගැටයෙක් වෙච්චි මේ රෝගියාගේ , කොන්ඩේ නම් කපල තිබ්බේ මහා විසුක දස්සන විදිහකටලු ,  එකේ පැත්තක් හරියට ඊයේ ගඩොල් ලොරියක් බෑවා වගේ පාටක් ලු ..බෙල්ලත් , අතෙත් එක එක වයි වාරන්න කම්බි කෑලි , නූල් කෑලි මහා තොගයක් සිලිං බිලිං ගගා එල්ලිලා තිබ්බලු , ලෙඩාගේ තනියට ඇඳ ළඟම, ලෙඩාගේ හොඳ බොක්කක් කියන්න පුළුවන් , ගොඩක් දේවල් අතින්  අංග සම වෙන කොලු ගැටයෙකුත් හිටියලු )

ඔන්න හිස්ට්‍රිය ගන්න අර විසාකාව මෙහෙම ඇහුවා 
''දැන් ඔයා මේ අවේ මොන අසනීපෙ නිසාද  ??

''allergic එකක් මිස් '' ලෙඩා කිව්වා 

මොනවටද allergic වුනේ ?? විසාකාව අහනවා 

''මේ මේ යාලුවෙක් දුන්න බෙහෙතක් '' ඒ පාර ලෙඩා ටිකක් ආදී මදි කරමින් කියනවා 

අහ් යාලුවෙක් දුන්න බෙහෙතක්ද ?? යාළුවා බෙහෙත් ගැන දන්න කෙනෙක්ද ??
 
 වෛද්‍ය උපදෙස් මත ලබා ගත් බෙහෙතක් ආසාත්මික වෙන්න ඇති කියලා හිතා ගෙන හිටිය ,විසාකාව ගොඩාක් පුදුම වෙලා ,කුතුහලෙන් ඇහුවා ලෙඩාගෙන් 

''නෑ නෑ මිස් එයා නම් එහෙම දන්නේ නෑ ''. ඒ පාර ලෙඩා කියනවා 

''ඉතින් ඔයා හරි වැඩක් නේ කරලා තියෙන්නේ ?? එහෙම බෙහෙත් හිතුනු හිතුනු විදිහට බොන්න හොඳ නෑ නේද ??''
තවත් පුදුම වෙච්චි විසාකාව ඇහුවා 

 ''ඒක නම් ඇත්ත තමා මිස් , යාළුවා දුන්න නිසා බිව්වේ ,''
''එයත් බීල තියනව , එයාට නම් ගොඩක් හොඳයි කියල කිව්වා , ඉතින් මටත් හිතුන බීල බලන්න ''
ඒ පාර ලෙඩා හිත ටිකක් රිදිලා වගේ කිව්වා.

''හරි හරි  දැන් ඔය බෙහෙත මොන අසනීපෙටෙද ඔයා ගත්තේ ??'' ලෙඩාගේ හිත හදන ගමන්ම විසාකාව කිව්වා ..

ඒ පාර ඔච්චර වෙලා හොඳට කතා කර කර හිටිය ලෙඩා , ටිකක් මුකුළු හිනාවක් දාගෙන ... එහෙ මෙහෙ බලන්න ගත්තා .. ලෙඩා ළඟ හිටිය යාලුවගේත් මාර කොමලයක් !!!

'මොකද්ද මේ වෙනස කියලා හිතලා ,මේ මුකුළු ඇල්ලුවේ නැති විසාකාව ටිකක් දැඩි බැල්මක් මූණට අර ගත්තා 

ඒක දැකලා , මුකුළු නවත්තල ආදී මදි කරන ලෙඩා මෙහෙම කිව්වා 

''මේ මේ  මිස් ,
 මේ මේ ඒක මේ ඇඟට හොඳ බෙහෙතක් ,  

ඇඟට හොදයි ?? diclofenac වද්ද??  කියලා හිතන ගමන් , 

ඒ කියන්නේ නිකන් වේදනාව නැති වෙන බෙහෙතක්ද ?? කියල විසාකාව ඇහුවා 

 ''අය්යෝ මිස් මොනවද මේ කියන්නේ ?? තේරිලා නෑ වගේ ''කියලා හිතලා ලෙඩා තව ටිකක් තේරෙන්න කියන්න හිතා ගෙන මෙහෙම කිව්වා  

''නෑ මිස් යාළුවා කිව්වා ඇඟට හොදයි , ෆුල් පවර් කියලා "

විසාකාව කල්පනා කරන්න පටන් ගද්දිම , සර් ඇවිත් ward round පටන් ගත්තා කියලා යාලුවෝ කතා කරපු නිසාත්  , තවත් රැඳී රැඳී ඉන්න බැරි නිසාත් , ගත්ත හිස්ට්‍රිය මඟ නවත්තලා , ලෙඩාටත් , ලෙඩාගේ යාලුවටත් ස්තුති කරලා විසාකාව පිටත් වෙලා ගියා ..

පහුවදා ඇවිත් බලද්දී ලෙඩා ගෙදර ගිහින් 

(ගොඩක් කල් මොකද්ද මේ බෙහෙත කියලා හිත හිත හිටිය විසාකාවට , sexuality ගැන කියල දෙන පීරිස් සර් , අපේ සිංහල මිනිස්සු , පුරුෂ ඇඟ , ගැහැණු ඇඟ වශයෙන් ලිංගේන්ද්‍රිය සඳහා භාවිතා කරන බව කිව්වම , ලෙඩාගේ කතාව තේරිලා නළලේ අත ගහ ගත්තලු ... බෙහෙතත් මතක් උනාලු ...)


ඉතුරු කතා පස්සේ .. අද කතා දෙකක් ලියන්න හිටියත් , පලවෙනි එකම දිග වැඩි වුන නිසා තව ලියන්න බෑ හිතුනා ...






4 comments:

  1. හෙහ් හෙහ් හෙහ්..... දොස්තර විබාග පාස් උනාට මදි ඔව්ව දැනගන්න ඕන

    ReplyDelete
  2. හප්පොච්චියේ....විලි ලැජ්ජාවේ බෑ!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. 3 වැනි වසරෙදි සායනික පුහුණුව ආරම්භ කරපු ගමන් වෙච්චි දෙයක් මේක .. එතකොට අපි ගොඩක් දෙනෙක්ට අත්දැකීම් අඩුයි ඉතින් ... නමුත් කාලයත් එක්ක දේශන, tutorials , නිර්මාණාත්මක නාට්‍ය වගේ ගොඩක් දේවල් වලින් අවශ්‍ය දැනුම ලබා දුන්නා පීඨය මගින් .. මම දැන් හිතන්නේ 4 වෙනි අවුරුද්ද ඉවර වෙලා , අවසන් වසරට යන අපි හැමෝම ආදාළ දැනුමෙන් පෝසත් කියලයි ....

    ReplyDelete
  4. සිංහල වැඩි වෙලා බාගෙටද මංද තේරුනේ...මම හිතපු එකමද මංදා කිවුව එක ^_^ කෝක උනත් අවුලක් නැත :v ^_^

    ReplyDelete