Search This Blog

Wednesday, November 20, 2013

මං ආසම සින්දු

කම්මැලි කමට ටීවී බලනකොට අමුතුම සින්දුවක් මම දැක්කා ..
මිස් කෝල් එකක් තරමට ...

අනේ අපොයි කියලා හිතුනලු මට ඉතින්


එතකොට මම ආසම සින්දුවක් මතක් වෙලා මෙහෙම ලියන්න හිතුනා .. නන්දා මාලනී මහත්මියගේ සින්දුවක් මේක ...

දේදුනු පායා පාට වැටෙනවා 
ජීවන අහස් තලේ 
ආදර පවනේ සුසුම් කුසුම් වැල් 
මා යන මගට හැලේ 

දෑසට දෑසක් හමුවුණු දවසේ 
නුපුරුදු හැඟුමක් කියවේ රහසේ 
සිතිවිලි දහසක් එක්තැන් වුයේ 
පැතුම් ලොවට මගේ , ඇයි නුඹ ආයේ 

මා කැඳවන බොරු ඉඟියක් දැනුනා 
ආදර විමනේ රන් දොර අරුනා 
පොපියන හදකින් ආසා හිතුනා 
පිටුපා යන්නට බැරි බව හැඟුනා 

උල්පත සැදුනේ සිසිල උනන්නයි 
මල් කෙනී මැවුනේ රොන් වැහෙන්නයි 
මී වද බැඳුණේ පැණි සුරකින්නයි 
හද මැවුනේ ආදරේ කරන්නයි 

මල් බර තුරු අග සෙවන සදනවා 
කුරුළු ගීත ආසිරි ගී වෙනවා 
තනිවම ගිය මඟ ඔබ හා යනවා 
පෙමට අරුණු හද ඔබට පුදනවා 


වැඩිය අරුමෝසම් නැතුව ආදරේට ,ආදරෙන් ලියපු සින්දුවක් .. කොච්චර හෙව්වත් ලිව්වේ කවුද කියලා හොයා ගන්න බැරි උනා මට .. දන්නා කෙනෙක් ඉන්නවනම් දන්වන ලෙසටත් ආදරෙන් ඉල්ලනවා මම ..




5 comments:

  1. ච්ත්තරපටිය - සීයෙ නෝට්ටුව
    පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
    සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගායනය – විශාරද නන්දා මාලිනී
    අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

    ReplyDelete
  2. දැන් ඉතින් සින්දු කියනවා නෙමෙයි ගිරිය පුප්පගෙන කෑ ගහන එකනේ කරන්නේ. මම නං සින්දු අහන්නේ ම නැති තරම්!

    ReplyDelete
  3. මගේ එදා මෙදා තුර ආසම සිංදුව -

    ඔය දෑසේ සැඟඋනේ..
    මා සෙවූ ආදරේ..
    හදවතේ සෑමදා නුඹ රැදේ...//
    මිතුරන් සේ අප ලං උනා...මා මතකයේ...ඔබ සදා.. ;)

    ඇත්ත කතාවත් ඉතිං මගෙ ජීවිතේ :p ඒත් ඊට කලින් ඉඳලමයි කැමති

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=8Hp8gDRPnrI

    ReplyDelete
  5. ධාරා -ඇත්ත.
    සිංදුවේ තතු සොයා දුන් ගනුෂ්කට ස්තුතිය ..
    රුක්ෂාන් -මම අහල නැහැ ඒ සිංදුව ..

    ReplyDelete